මොනවද මේ Linear Regression කියන්නේ ?

Aadhil imam
3 min readJan 13, 2019

Artificial Intelligent කියන්නේ ලෝකයේ හැම තැනම පැතිර යන මාතෘකාවකි. උදාහණයක් වශයෙන් අද වන විට අා‍ර්ථ්ක විද්යාඥයින් අනාගත වෙළඳ පළ මිල නියම කිරීමට සහ පුරෝකථනය කිරීමට බවිතා AI කරයි.එමෙන්ම පිළික රෝග නිශ්චය කීරීම සදහා වෛද්යවරුන් AI භාවිතා කරයි සහ HR බඳවා ගන්නන් රැකියාව සඳහා අවම සුදුසුකම් සපුරා ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා AI භාවිතා කරයි.

අපි අද බලමු මොකක්ද මේ Linear Regression කියන්නෙ කියලා.Linear Regression කියන්නෙ Machine Learning වල භාවිතා වන සරලම Algorithm එකක් . එමෙන්ම Linear Regression යනු Supervised learning model යටතේ එන Algorithm එකකි. අපි ඉස්සෙල්ලා බලමු මොනවද මේ Regression කියන්නේ කියලා ? Regression කියන්නේ ස්වායක්ත අනාවැකිකරුවන් (Independent predictors)මත පදනම්ව ඉලක්කගත වටිනාකමක් සැකසීමේ ක්‍රිමයකි.Linear Regression මගින් Independent Variable සහ Dependent Variable අතර තිබෙන ප්‍රධාන සම්බන්දතාවය පෙන්නුම් කරයි.

මුලින් අපි සාමානය උදාහරණයකින් මේකතේරුම් ගමු.

ඉහත පෙනෙන වගුවෙන් දැක්වෙන්නේ නිවසක විවිධ වර්ග අඩි සදහා විවිධ මිල ගනන්ය.දැන් මේම Data set එක උපයොගී කරගෙන වර්ග අඩි 3300 නිවසක මිල කුමක් දැයි බලමු.

අපි ඉස්සෙල්ලාම ඉහත සදහන් Data Set එක X සහ Y අක්ෂ හරහා ප්‍රස්තාර ගත කරමු.අපි X අක්ෂය Independent Variable වශයෙන් සහ Y අක්ෂය Dependent Variable වශයෙන් යොදාගමු.

දැන් අපි මෙම ප්‍රස්ථාරයේ ඇති Data set මගින් මෙම ප්‍රස්ථාරයේ best fit Linear Regression Line එකක් අපි නිර්මාණය කරගන්නවා.

දැන් අපිට ඉහත සදහන් ප්‍රස්ථාරය බාවිතා කිරීමෙන් අපිට ඕනෑම වර්ග අඩි ප්‍රමාණයක නිවසක මිල ගණනය කරගන්න පුලුවන්. දැන් අපි බලමු කොහොමද මේ එක හදාගන්නේ කියාලා.මේ සදහා

Y=mx + c යන Linear equation එක බාවිතා කරනවා .එනම් Y = Price ලෙසද සහ x= area ලෙසද අපි යොදා ගමු.

Price = m (slop)* area + c (intercept) ලෙස යොදා සමීකරණය ගනිමින් අපිට නිර්මාණය කරගන්න පුලුවන්.අපි දැන් m සොයා ගැනීම සදහා least square method යන සමීකරණය යොදා ගනී.

දැන් අපි බලමු කොහොමද c හොයා ගන්නේ කියලා . c යනු එනම් අක්ෂය X සහ Y හරහා කැපෙන ලක්ෂයයි. C සොයා ගැනීම සදහා පහත සදහන් සමීකරණය බාවිතා කරයි.

දැන් අපි Python යොදගෙන m සහ c හොයාගමු.මේ සදහා machine learning වල යොදා ගන්න skit learn කියන library යොදා ගන්නවා

දැන් Output එක බලමු

දැන් y=mx+c සමීකරණය බාවිතයෙන් වර්ග අඩි 3300 ක් නිවසක මිල බලමු.

price = 135.78767123 * 3300 + 180616.43835616432

price = 628715.7534151643

එමෙන්ම skitlearn වල තිබෙන predict යන method එක බාවිතා කරමින්ද සොයා ගත හැක.

reg.predict(3300)

මෙලෙස simple linear regression problem එකක් විසදිය හැකිය.

--

--